I am what I am; I will be what I will be.

Sunday, June 17, 2012

හුදෙකලා වූ දෙවිඳුනි












හරිද්වාරය අභිමුඛව
සිටගෙන හුදෙකලාව
නෙත් අරා
තුන් ලොව සිසාරා
බැලූම් හෙළන ශිව දෙවිඳුනි,
සහස් දනා
සිරස නමා නමදින
ඔබ ශී‍්‍රපතුල් යුග්මය පහස ලබමින්
විඩාවෙන් බැස යන
පින් රිසි දනා
බැතියෙන්
ආනන්දයෙන්
කෙලෙසන
ගංගා තොමෝගේ යශෝරාවය
නොවැටෙන්නේ මන්ද
දෙසවනට ඔබේ?


 
(හරිද්වාර් යනු උත්තර්කන්ද් ප‍්‍රාන්තයේ මධ්‍යම කඳු පාමුළ පිහිටි අනේක දේවාලවලින් සපිරි හින්දු පූජ්‍ය භූමියක් ආශි‍්‍රත නගරයකි. සංස්කෘත හා හින්දි භෂාවන්ගෙන් ‘හරි’ යන පදයෙන් දේව යන අර්ථය ද ‘ද්වාර්’ යන පදයෙන් දොරටුව යන අර්ථය ද ගෙන දේ. මේ අනුව, මේ පදයේ පරිසමාප්ත අර්ථය ‘දේව අඩවියට අවතීර්ණ වන දොරටුව’ යන්න වේ. මේ සමස්ථ ප‍්‍රදේශයම නීති විරෝධී ලෙස ගංගා නදී අසබඩ ගොඩනැගිලි මහාපරිමාණයෙන් ඉදිකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලූ හා අධික ලෙස වන්දනාකරැුවන්ගේ ආමනය නිසා දැඩි පරිසර¥ෂණයකට නතුව තිබුන ද අද වන තුරු ද ‘දේවභූමි’ ලෙස ද හැඳින්වේ.)

බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012

No comments:

Post a Comment