I am what I am; I will be what I will be.

Wednesday, July 11, 2012

'Tonight I Can Write': An initial attempt to translate Neruda into Sinhala
















Pablo Neruda’s poem ‘Puedo Escribir’ was translated into English by W.S. Merwin as ‘Tonight I can Write,’ and was included in the collection Twenty Love Poems and a Song of Despair initially published in 1969.  A translation quite similar to Merwin’s can be found at:
http://www.poemhunter.com/poem/saddest-poem/

What follows is a Sinhala translation based on the latter version though the better known Merwin version was consulted in the translation process. Translating poetry is quite a difficult exercise compared to prose, and this become even more difficult when it comes to themes dealing with emotions. An added degree of complexity comes in when the lines had already lost some of the nuances in the initial translation from Spanish to English. The Sinhala version moves between simple and somewhat formal use of language without going to extreme forms of formality. This is an exercise, and comments to improve it would be welcome.

Tonight I can Write

I can write the saddest poem of all tonight.

Write, for instance: "The night is full of stars,
and the stars, blue, shiver in the distance."

The night wind whirls in the sky and sings.

I can write the saddest poem of all tonight.
I loved her, and sometimes she loved me too.

On nights like this, I held her in my arms.
I kissed her so many times under the infinite sky.

She loved me, sometimes I loved her.
How could I not have loved her large, still eyes?

I can write the saddest poem of all tonight.
To think I don't have her. To feel that I've lost her.

To hear the immense night, more immense without her.
And the poem falls to the soul as dew to grass.

What does it matter that my love couldn't keep her.
The night is full of stars and she is not with me.

That's all. Far away, someone sings. Far away.
My soul is lost without her.

As if to bring her near, my eyes search for her.
My heart searches for her and she is not with me.

The same night that whitens the same trees.
We, we who were, we are the same no longer.

I no longer love her, true, but how much I loved her.
My voice searched the wind to touch her ear.

Someone else's. She will be someone else's. As she once
belonged to my kisses.
Her voice, her light body. Her infinite eyes.

I no longer love her, true, but perhaps I love her.
Love is so short and oblivion so long.

Because on nights like this I held her in my arms,
my soul is lost without her.

Although this may be the last pain she causes me,
and this may be the last poem I write for her.

Pablo Neruda














ලියතහැකි මට මේ  
 රෑයාමේ 

පුලූවනි මට ලියන්න
හිතට එන දුක්බරම කවිපෙල
මේ රෑයාමේ.

ලියන්නැහැකි එතකොට මට වදන් පෙලක්
මේවාගේ:
‘‘ඉපිල ඇත රාති‍්‍රය තරුවැල්වලින්.
නිලංකාර වූ තාරකා ඒ
සැලෙනු පෙනේ දුරානන්තයේ.’’

රාතී‍්‍ර සුළං රැල්
රඟමින් නුබගැබේ
ගයයි ගීතිකා.

පුලූවනි මට ලියන්න
හිතට එන දුක්බරම කවිපෙල
මේ රෑයාමේ.
පෙම් කළා මා ඇයට
,
ඇයත් පෙම් කළා මට
ඇතැම්විට.

සිටියා ඇය මා පහසේ

රාතී‍්‍ර මෙවන්.
සිපගත්තෙමි මා ඇය අනන්ත වර
නිම් නැති නුබ ගැබ් සෙවනේ.

පෙම් කළා ඇය මාහට,
මමත් පෙම් කළා ඇයට ඇතැම්විට.
පෙම් නොකරන්නේ කෙසේද  මා
නොසැලෙන විපුල් දෙනයනට ඇගේ ?

පුලූවනි මට ලියන්න
හිතට එන දුක්බරම කවිපෙල
මේ රෑයාමේ.
හිතන්නවත් බෑ නොමැති බව
ඈ මා සමග;
හිතන්නවත් බෑ අහිමි වූ බව
ඈ මට.

ඇසෙන දෙසවනට
මේ නිම් නැති රාති‍්‍රයේ හඩ,
රැව් දේ අනන්තයක් මෙන්
නොමැති බැවින් ඈ මා හා.
දැවටේ කවි පෙල ආත්මයේ
වැටෙනා ලෙසින් පිනි බිඳු
තණ පත් පුරා.

ඇරුතක් නැත දැන්
මෙනෙහි කරන්නට,
නොහැකි වූ සඳ පෙමට මගේ
රඳවාගන්නට ඈ
මා පහසේ.

එපමණයි.
ඇසේ දුරානන්තයේ කාගේදෝ ගීතිකා.
දුරානන්තයේ.
අතරමං වී ඇත ආත්මය මාගේ,
නොමැති නිසා පහස ඇයගේ.

ගෙන එන්නට මෙන්
ඇය මා සෙවනට,
දෙනෙත් සොයා යයි ඈ සැම තැන.
සෙව්වත් මා හද ඇය සැම තැන,
දනී සොදින් මසිත 
නොමැති බැව් ඈ මා සමග.

සුදුමැලි කරලයි මේ තුරුවදුල,
ගෙවී යන රාතී‍්‍ර යාමය.
දිවි ගෙවූ අප එදා එලෙසින්,
නොසිටිමු එලෙසම අද දින.

සැබෑය මා පෙම් නොකරන බව
ඇයට තවදුරටත්;
කොතරම් පෙම් කළාද ඒත්
ඇයට එදා මා.|
සොයා ගියේ මදසුළග හඩ මාගේ,
සිපගන්නයි එමගින්
දෙසවන ඇයගේ.

අනෙකෙකුගේය ඇය.
අන්සතු වනු ඇත ඇය,
දිනක අතීතයේ
මා හාදු සතු වූ සේම ඇය.
හඬ සුමිහිරි,
ගත සුමුදු,
අනන්ත දෙනයන
ඇයගේ.

සැබෑය මා පෙම් නොකරන බව
තවදුරටත් ඇයට.
ඒත්,
පෙම් කරනවා විය හැකියි මා ඇයට,
ඇතැම්විට තවමත්.
කෙටි වුවත් බෙහෙවින් පෙම,
සරයි ඔබ්බට අනන්තයෙන්
සමුගැන්ම පෙමින්.

සිටි නිසා ඇය මා පහසේ
රාතී‍්‍ර මෙවන්,
අතරමං වී ඇත ආත්මය මාගේ,
නොමැති නිසා අද ඇය මා සෙවනේ.
 
ඇය මා රිදවන අවසන් වර
විය හැකි ලෙසින්ම අද දින,
ඇයට මා පුදන මේ කවි පෙළ
විය හැකිය ඇයට මා ලියන
අවසන් කව.

 පැබ්ලෝ නෙරූදා
පරිවර්තනය: සසංක පෙරේරා

No comments:

Post a Comment