You want to erase me
Sunday, July 29, 2012
References
You want to erase me
Wednesday, July 11, 2012
'Tonight I Can Write': An initial attempt to translate Neruda into Sinhala
Pablo Neruda’s poem ‘Puedo Escribir’ was translated into English by W.S. Merwin as ‘Tonight I can Write,’ and was included in the collection, Twenty Love Poems and a Song of Despair initially published in 1969. A translation quite similar to Merwin’s can be found at: http://www.poemhunter.com/poem/saddest-poem/
පුළුවනි මට ලියන්න මේ රෑ යාමේ
පුළුවනි මට ලියන්න
හිතට එන දුක්බරම කව් පද
මේ රෑයාමේ.
පුළුවනි එතකොට ලියන්න මට වදන් පෙලක්
මේවාගේ:
‘‘ඉපිල ඇත රාත්‍රිය තරුවැල්වලින්.
නිල් පාට ඒ තාරකා
|සැලෙනු පෙනේ දුරානන්තයේ.’’
රාත්‍රී සුළං රැල්
රඟමින් නුබගැබේ
ගයයි ගීතිකා.
පුළුවනි මට ලියන්න
හිතට එන දුක්බරම කව් පද
මේ රෑයාමේ.
පෙම් කළා මා ඇයට,
ඇයත් පෙම් කළා මට
ඇතැම් විට.
සිටියා ඇය මා පහසේ
මෙවන් රෑ කාලවල.
සිපගත්තා මා ඇය අනන්ත වර
නිම් නැති නුබ ගැබ් සෙවනේ.
පෙම් කළා ඇය මා හට,
මමත් පෙම් කළා ඇයට ඇතැම්විට.
පෙම් නොකරන්නේ කෙසේද මා
නොසැලෙන විපුල් දෙනයනට ඇයගේ?
පුළුවනි මට ලියන්න
හිතට එන දුක්බරම කව් පද
මේ රෑයාමේ.
හිතාගන්න නොමැති බව
ඇය මා සමග;
දැනෙන්න අහිමි වූ බව
ඇය මට.
ඇසෙන දෙසවනට
නිම් නැති මේ රාත්‍රියේ හඩ,
රැව් දේ අනන්තයක් මෙන්
නොමැති බැවින් ඈ මා හා.
දැවටේ කවි පද ආත්මයේ
වැටෙනා ලෙසින් පිනි බිඳු
තණ පත් පුරා.
කිසිවක් නැත දැන්
මෙනෙහි කරන්නට,
නොහැකි වූ කල මගේ පෙමට
රඳවාගන්නට ඇය
මා පහසේ.
එපමණයි.
දුරානන්තයේ ඇසේ කාගේදෝ ගී හඬක්.
දුරානන්තයේ.
අතරමං වී ඇත ආත්මය මාගේ,
නොමැති නිසා පහස ඇයගේ.
ගෙන එන්නට මෙන්
ඇය මා වෙත,
දෙනයන මා සොයා යයි
ඇය සැම තැන.
සෙව්වත් මා හද ඇය සැම තැන,
නොමැත ඇය මා සමග.
සුදුමැලි කරලයි මේ තුරුවදුල,
ගෙවී යන රාත්‍රී යාමය.
දිවි ගෙවූ අප එදා එලෙසින්,
නොසිටිමු එලෙසම අද දින.
සැබෑය, මා පෙම් නොකරන බව
ඇයට තවදුරටත්;
කොතරම් පෙම් කළාද එනමුත්
එදා ඇයට මා.
සොයා ගියා මා හඩ මදසුළඟ,
සිපගන්න එමගින්
දෙසවන ඇයගේ.
අනෙකෙකුගේය ඇය.
අන්සතු වනු ඇත ඇය,
අතීතයේ දිනක
මා හාදු සතු වූ සේම ඇය.
හඬ සුමිහිරි,
ගත සුමුදු,
අනන්ත දෙනයන
ඇයගේ.
සැබෑය මා පෙම් නොකරන බව
ඇයට තවදුරටත්.
ඒත්,
පෙම් කරනවා විය හැකියි මා ඇයට,
ඇතැම්විට තවමත්.
කෙටි වුවත් බෙහෙවින් පෙම,
දිගුය බොහෝ සේ
සමුගැන්ම මතකයෙන්.
ඇය සිටි නිසා මා පහසේ
රෑ කාලවල මෙවන්,
අතරමං වී ඇත ආත්මය මාගේ,
නොමැති නිසා අද ඇය මා සෙවනේ.
විය හැකි ලෙසින්ම අද දින,
ඇයට මා පුදන මේ කවි පෙළ
විය හැකිය ඇයට මා ලියන
අවසන් කව.
පරිවර්තනය: සසංක පෙරේරා
and the stars, blue, shiver in the distance."
I can write the saddest poem of all tonight.
I loved her, and sometimes she loved me too.
On nights like this, I held her in my arms.
She loved me, sometimes I loved her.
How could I not have loved her large, still eyes?
I can write the saddest poem of all tonight.
To think I don't have her. To feel that I've lost her.
To hear the immense night, more immense without her.
And the poem falls to the soul as dew to grass.
What does it matter that my love couldn't keep her.
The night is full of stars and she is not with me.
That's all. Far away, someone sings. Far away.
My soul is lost without her.
My heart searches for her and she is not with me.
The same night that whitens the same trees.
We, we who were, we are the same no longer.
I no longer love her, true, but how much I loved her.
My voice searched the wind to touch her ear.
Someone else's. She will be someone else's. As she once
belonged to my kisses.
Her voice, her light body. Her infinite eyes.
I no longer love her, true, but perhaps I love her.
Love is so short and oblivion so long.
Because on nights like this I held her in my arms,
my soul is lost without her.
and this may be the last poem I write for her.
Saturday, July 7, 2012
Wednesday, July 4, 2012
ගන්ධබ්බ පාලිය
ගිනිගෙන දැවෙන
ගිම්හාන උමතුවෙන්,
සැම දින නියුතු
ජීවන හරඹයෙන්,
අවැසි යැයි හැගුනෙන්
නිවනක්
සිතටත් ගතටත්,
සිතුවෙමි හඹා යන්නට
උතුරු දඹදිව
ගිරි ශිඛර - හරිත දනව් වෙත,
සෞම්‍යයෙන් හිරු හිනැහෙන
මිහිදුම් සළුවෙන්
නිති වැසී ගත්.
හිරු බැස ගිය සැන්දෑවේ
සිපගනිද්දී ගිරි ශිඛර තුරු මුදුන්
සුමුදු වලාවෝ,
සිහිනයක් මෙන්
ඈත ගිරි දුර්ග අතරින්
නැගී ආ මිහිදුම් සළුව
වෙලා ගනිද්දී තුරුලතා සෙනෙහසින්
ඈත මෑත ඉසව්ව්ල,
කිමිදෙන්නට වරම් ලැබුවෙමි මා
සීත නිසසල
සිහින ලොවක.
ඇසුනේය සැණෙකින්,
හූ හඬක් දෙකක් නොව,
සිය ගණනාවක්
දෙවනත් කරමින් මිහිතලය
නසමින් ද්වේෂයෙන් මෙන්
මසිත අරා සිටි සිහින දැහැන්.
ලොවක නිසසල
සරමින් සිටි මසිත
අරක් ගත්තෝය සැණෙකින්
කෙළ කෝටියක්
සැම තැන දුව පැන ඇවිදින
රංචු ගැසුණු ගන්ධබ්බ යක් පැටව්
අවීචි කොලනියකින්
සපැමිණි.
දුටුවේ එවිටයි
පවුල් හත අටක් අවුත් සිටි බැව්
නිවාඩුවකට,
දිල්ලියෙන්, චන්දිගාවෙන්,
මධ්‍යම පාන්තික
නාගරික-මානසික කැළිකසළ ද
දරාගෙන ඇති තරම්
සිත් සතන් තුළ.
බෙරිහන් දුනි එකිනෙකා උන්
බොලිවුඞ් නළඟනන් ගැන,
තපුල්ලැව්වෝය එසැම
අනේක ජංගම දුරකථන
සමීපකරගෙන මුඛකුහර වෙත
පඩික්කම් යැයි සිතමින් ඒවා
හිස් වචන පතිත කළ හැකි.
නැගුණි මතකයට සැණෙකින්
මෙවන් ගන්ධබ්බ ඝෝෂාකාරයන්
සරණා බැව්
ලක්බිමේ ද සැම අහුමුලූවලම.
දුරුවීය මොහොතකින්
සියොත් ගැයූ ගීතිකා,
මද නල සමඟින්
තුරුලතා යැදූ යාතිකා,
තිබුණ ද තවමත් ඈත කඳු වලල්ල
පොරවාගෙන මිහිදුම් සළු
නෂ්ටාවශේෂයක් මෙන්
ඉපැරණි සිහින සිත්තමක.
අයැද සිටියෙමි එසඳ
දන්නා නොදන්නා
දෙවි දේවතාවුන්ගෙන්,
සාන්තුවරයන්ගෙන් - අන්‍යාගමික
රුක් දෙවිදුන්ගෙන්
අවට සපිරි රුක් අරා සිටිනා,
දක්නාගෙන යන මෙන්
මේ ගන්ධබ්බ පැලෙන්තිය
සපැමිණි ඉසව්වලටම
උන්.
ඉල්ලා සිටියෙමි මා
ගෞරව පූර්වකව,
ලබා දෙන මෙන්
තත් විරාමයක්්,
අතරමංවී සිටින්නට
මේ දිසි අදිසි සිහින ලොවේ
සෞම්‍යව
නිසංසලව.
ඩැල්හව්සි, හිමාචල් ප‍්‍රදේශ්, 03 ජූලි 2012.