I am what I am; I will be what I will be.

Sunday, December 18, 2011

කුසුම්


දිදුලන අනේක වර්ණයෙන්
ගැවසෙන විශ්වකර්ම සිත්තමෙන්
මහ මග අද්දර
එලූ පැදුරේ
දුහුවිලි පරයමින්
පොපියන කුසුම් පලසින්
ගෙවා සොච්චමක් බරපැන
පොකුරක් දෙකක් ගෙනයන
පින්වතුන් කව්රුන්ද
සරසන්නට විසල් මහල් ප‍්‍රාසාදවල
ලොවට නොපෙනෙන ආලින්ද, කුටි, කාමර?


නොබලා කල් වේලා
සනසන්නට සුමුදු සිත් සතන්
පුරවර සුරපුරට
නෙක කුසුම් බෙදා දෙන සැමදා
වැලිකතරක් වන්
ඔබේ දිවියේ
කවදා නම් පිපේවිද
කුසුම්?


නව දිල්ලිය, 16 දෙසැම්බර් 2011

No comments:

Post a Comment