නොරැදෙයි කිසිත් සිත්හි
පැමිණියත් අනන්ත සිතුවිලි
නොදන්නා අන්තයන්ගෙන්,
සවිඥානයෙත් අවිඥානයෙත්;
නෑසෙයි දෙසවනට වදනක්වත්
පැතිරගියත් අවකාශයේ
නිම නොවන දෝංකාර
සංගීතයේ, සංවාදයේ,
අල්ලාප සල්ලාපයේ;
නොදැනෙයි පහස ස්පර්ශයේ
වෙළාගත්තද ගත මදනල
අනන්ත වර;
දිගහැරුනත් නෙක දසුන්
අවට සැම තැන
ගැටෙන්නේ නෙත්
සේයාවක් පමණි අනියතාකාර
අතීතයෙන්
තත්කාලයෙන්
අනාගතයෙන්
විනිර්මුක්ත වූ.
සමවැදීම ශූන්‍යයට
අවතරණයක්ද නිවනට
නොපැතුවත් කිසිවිට?
හිස්වීම මනස
ඇරයුමක්ද උමතුවට
පැතූ සේ ඇතැම් විට?
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 26 ඔක්තෝබර් 2012
No comments:
Post a Comment