ඇද වැටුනි
රතු වැහි කහ වැහි නන් දෙස;
ගිගුම් දුනි මිහිතලය
අඳෝනාවක් මෙන් වසන් කළ නොහැකි
ගිලගන්නාතර විසල් ගස් ගල්.
කීවෝය විද්වතුන්,
විද්‍යුත් ටීකා අරක් ගත් කුලී පඩිවරුන්
නෙක බහුබූත වැල්වටාරම්.
නෑර අස්සක් මුල්ලක්
ඉස්සේය පිරිත් පැන්
හාරා ගෙනැවිත් නල ලිංවලින්
මඩ වෙන තුරු මිහි මඩළ.
බෙරිහන් දුනි චක‍්‍රවර්ති මුනිවරුන්
නොඅදහන බුදුබන
කුලියට ගත් යකඩ කටින්.
පැනගියහ ලහි ලහියේ එර්දියෙන්
රුක් දෙවිදුන් පිරිවරා සතර වරම් දෙවිවරු
සීත හිමාලයේ ඈත අන්තයකට.
තනි විය
පින් නැති පින් බිම
වසින තුරු හෙට දින
ලෝදිය වැහි,
නිමා කරන්නට
කලියුගය.
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 29 දෙසැම්බර් 2012