I am what I am; I will be what I will be.

Showing posts with label Vasant Kunj. Show all posts
Showing posts with label Vasant Kunj. Show all posts

Monday, December 19, 2011

දිසි අදිසි දනා














මිහිදුම් සළු අතරින්

මුණගැසෙන තැන අඳුර
දුහුල් ආලෝක දහර,
ඈත අපැහැදිලි ඉමක
ඉපිල වියැකී යන
එ් මායාවී රූ
හමු නොවේ අපට කිසි විටත්;
නන්නාදුනනා එ් රූ
දොඩමළු නොව් අප හා
කෙදිනකවත්.


ඇවිත් නෑවිත්
හෙවනැලි ලොවින් මෙපිටට
දිගන්තයට ඔබ්බෙන්
බොඳවීයන එ් රූ,
වේය උයණ සරනා
දිසි අදිසි දනා.
 


නව දිල්ලිය, 19 දෙසැම්බර් 2011