Reviews
▼
Pages
▼
දිසි අදිසි දනා
මිහිදුම් සළු අතරින්
මුණගැසෙන තැන අඳුර
දුහුල් ආලෝක දහර,
ඈත අපැහැදිලි ඉමක
ඉපිල වියැකී යන
එ් මායාවී රූ
හමු නොවේ අපට කිසි විටත්;
නන්නාදුනනා එ් රූ
දොඩමළු නොව් අප හා
කෙදිනකවත්.
ඇවිත් නෑවිත්
හෙවනැලි ලොවින් මෙපිටට
දිගන්තයට ඔබ්බෙන්
බොඳවීයන එ් රූ,
වේය උයණ සරනා
දිසි අදිසි දනා.
නව දිල්ලිය, 19 දෙසැම්බර් 2011
No comments:
Post a Comment