Reviews
▼
Pages
▼
දොර අසලත් බුදුන්ය;
මැද මිදුල සැමතැනත් බුදුන්ය;
අවන්හලෙත් බුදුන්ය;
මදුපැන්සල අසලත්
ආලින්දයෙත්
ශාලා සැමතැනත් බුදුන්ය, සඟුන්ය.
සුසුමක් ලෙසවත් ඒත්
නෑසුනේ ඇයිදැයි සිතුනි
බුදුන්ගේ හඬ
අල්ලාප සල්ලාප
ටකරං සංගීත නද
පැතිර යන විට
දසත.
10 නොවැම්බර් 2013; රනිපූල්, සිකිම්