Reviews
▼
Pages
▼
ඇරැුයුම් කර සන්නාලියෙකුට
මසා දමනු මැන මා දෙනයන
නොපෙනෙන සේ මුලූ දියතම.
ගෙනැවිත් තුන් ලොවින්ම මී ඉටි
අසුරාලනු මැන මා දෙසවන
නෑසෙන සේ වදනක්වත්.
ගෙනැවිත් මුඛවාඩමක් කිසි දින නොකැඩෙන
වෙලාදමනු මැන මා මුවදොර
නොතෙපුලන්නට වැකියක්වත්.
පෙනේද එවිටවත්
සැමට පෙනෙන
මට නොපෙනෙන
කයිවාරු ලොවේ නිති වැජඹෙන
පින්සුන් ඔය පින් බිම?වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 25 ජූනි 2012
නැතිනම් අවකාශයක්
සිතන්නට,
විකසිත නොවේ නම් පරිකල්පනය
ඔබ සෙවනේ,
අරා සිටීනම් අප ගත, සිත, ආත්මය
අදෝජීවීන් බුද්ධි හීන
සරමින් නරපතීන් මෙන්,
තිබෙනුයේ කෙසේද
එවන් තැනක
පුණ්‍ය භූමියක්?බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
හරිද්වාරය අභිමුඛව
සිටගෙන හුදෙකලාව
නෙත් අරා
තුන් ලොව සිසාරා
බැලූම් හෙළන ශිව දෙවිඳුනි,
සහස් දනා
සිරස නමා නමදින
ඔබ ශී‍්‍රපතුල් යුග්මය පහස ලබමින්
විඩාවෙන් බැස යන
පින් රිසි දනා
බැතියෙන්
ආනන්දයෙන්
කෙලෙසන
ගංගා තොමෝගේ යශෝරාවය
නොවැටෙන්නේ මන්ද
දෙසවනට ඔබේ?
(හරිද්වාර් යනු උත්තර්කන්ද් ප‍්‍රාන්තයේ මධ්‍යම කඳු පාමුළ පිහිටි අනේක
දේවාලවලින් සපිරි හින්දු පූජ්‍ය භූමියක් ආශි‍්‍රත නගරයකි. සංස්කෘත හා
හින්දි භෂාවන්ගෙන් ‘හරි’ යන පදයෙන් දේව යන අර්ථය ද ‘ද්වාර්’ යන පදයෙන්
දොරටුව යන අර්ථය ද ගෙන දේ. මේ අනුව, මේ පදයේ පරිසමාප්ත අර්ථය ‘දේව අඩවියට
අවතීර්ණ වන දොරටුව’ යන්න වේ. මේ සමස්ථ ප‍්‍රදේශයම නීති විරෝධී ලෙස ගංගා නදී
අසබඩ ගොඩනැගිලි මහාපරිමාණයෙන් ඉදිකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලූ හා
අධික ලෙස වන්දනාකරැුවන්ගේ ආමනය නිසා දැඩි පරිසර¥ෂණයකට නතුව තිබුන ද අද වන
තුරු ද ‘දේවභූමි’ ලෙස ද හැඳින්වේ.)
බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
දෙව් මිනිසුන්,
බවුන් වැඩූ ඍෂිවරුන්
සම්භාෂණයේ
දිගු කතිකාවේ
නිමග්න වූ නිරතුරු
විස්මෘතියේ මිහිදුමින්
බොඳවී ගිය,
මිථ්‍යාමත්ක දුරාතීතයේ
සුපුෂ්පිත නෙලූමක් වන්
විෂ්ණු දෙව් දෙපා යුග්මයෙන්
අවුත් මිහිපිටට,
ශිව දෙව් අසිරියෙන්,
හිමාල දෙව් දුවණිය සේ
හංස රුවින් විරාජමානව
සුගෝෂිතව
මවමින් නෙක් ලතා
සොයමින් අනන්තය
බැස ගිය ගංගා:
තත්කාල දනව්වේ
කැලිකසළ අති-පරිභෝජනයේ
දරාගෙන ඔබ ලැමින්
දේවභූමිය සිසාරා
ගලා බසින විට විඩාවෙන්,
කොඳුරනුයේ ඔය
සුඝෝශාවද සුමිහිරි
එදා ඇසුණු,
නැතිනම්
විරහ ගීතයක්ද
නිරතුරු දෙවිඳුන් නමදින
පින්වත් දණ ගණ
සවන් නොවැටෙනා?
(ගංගාස්තෝත්තර-සත-නාමාවලි යන සංස්කෘත පඨිතයේ ගංගා නදිය හැඳින්වීම සඳහා විස්තරාංග 108ක් සඳහන් වේ. මේ කවියේ සඳහන් විශේෂණ පද ඉන් උපුටාගත් ඒවාය).
බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
ක්ෂණයකින්,
අසුරු සැණෙක විරාමයකින්,
සමුගත්තෙමි නොදැනුවත්වම
පියවී ලොවින්.
වල්මත් වූයෙමි
අඳුරු වලාවක
සවිඥානයෙන් තොර,
සිහින නොපෙනෙන
නන්නාදුනනා ජීවකයන්
පිරිවරාගත්
සුප‍්‍රදීප්ත ගැබක
යාමයක් මුළුල්ලේ
නිම්හිම් සමුද්දේශ
අස්ථාවර වූ.
පුද කළෙමි ස්වදිවිය
නන්නාදුනනා ජීවකයන්ට
පතමින් වරම්
ලැබේවා යයි යළි සපැමිණෙන්නට
අවිඥානයෙන්
සවිඥානයට.
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 03 ජූනි 2012